spot_img
AFC Banner
Empty Ad
Empty Ad

11 වන ශ්‍රේණියේ සිසුවෙකුගෙන් ගලෙන්බිඳුණුවැව විදුහල්පතිට ප්‍රහාරයක්

ගලෙන්බිඳුණුවැව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට එම පාසලේම ඉගෙනුම ලබන සිසුවෙකු විසින් පහර දී ඇති බව වාර්තා වනවා.

පාසලට ප්‍රමාද වී පැමිණීම පිළිබඳව අවවාද කිරීමක් අතරතුර දී සිසුවා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස පහර දී ඇත්තේ ගලෙන්බිඳුණුවැව මධ්‍ය මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් බව සඳහන්.

මෙම සිසුවා නිරන්තරයෙන් ප්‍රමාද වී පාසලට පැමිණීම සම්බන්ධයෙන් ඔහුගේ පන්තිභාර ගුරුවරයා විසින් විදුහල්පතිවරයා වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම දැනුම්දීම මත විදුහල්පතිවරයා විසින් සිසුවාට අවවාද කිරීමට යාමේ දී මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද සිදුකර ඇති බව සඳහන්.

පහරදීම සිදුකළ සිසුවාගේ දෙමාපියන් ද ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ පාසල් දෙකක ගුරුවරුන් ලෙස සේවය කරන බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ පහරදීම සිදුකළ සිසුවාගේ පාර්ශ්වය සහ පහරකෑමට ලක්වූ විදුහල්පතිවරයාගේ පාර්ශ්වය සාමදාන වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
74
+1
106
+1
15
+1
38
+1
10
+1
24
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?