AFC Banner
AFC Banner
Empty Ad

රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්

රාජ්‍ය නිලධාරීන් කාර්යාල සඳහා පැමිණීමේ දී සුදුසු කාර්යාල ඇඳුමක් ඇඳීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

රාජ්‍ය නිලධාරීන් කාර්යාල වෙත පැමිණීමේ දී කාන්තාවන් සඳහා සාරිය, ඔසරිය, හෝ සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳිය හැකි බවට චක්‍රලේඛයක් මේ වන විටත් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇතැම් පුද්ගලයින් අදාළ චක්‍රලේඛයේ පළමු කොටස පමණක් ක්‍රියාත්මක කරන අතර සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් යන්න අමතක කර ඇති බවයි අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

ඒ, අනුව සුදුසු කාර්යාල ඇඳුමක් ඇඳීමට ඉඩ ලබාදිය යුතු බවට නව චක්‍රලේඛයක් නිකුත් කිරීමටයි මෙලෙස තීරණය කර ඇත්තේ.

අදාල චක්‍රලේඛය ඉදිරියේ දී නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?