රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්

රාජ්‍ය නිලධාරීන් කාර්යාල සඳහා පැමිණීමේ දී සුදුසු කාර්යාල ඇඳුමක් ඇඳීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

රාජ්‍ය නිලධාරීන් කාර්යාල වෙත පැමිණීමේ දී කාන්තාවන් සඳහා සාරිය, ඔසරිය, හෝ සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳිය හැකි බවට චක්‍රලේඛයක් මේ වන විටත් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇතැම් පුද්ගලයින් අදාළ චක්‍රලේඛයේ පළමු කොටස පමණක් ක්‍රියාත්මක කරන අතර සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් යන්න අමතක කර ඇති බවයි අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

ඒ, අනුව සුදුසු කාර්යාල ඇඳුමක් ඇඳීමට ඉඩ ලබාදිය යුතු බවට නව චක්‍රලේඛයක් නිකුත් කිරීමටයි මෙලෙස තීරණය කර ඇත්තේ.

අදාල චක්‍රලේඛය ඉදිරියේ දී නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51