10 වසරේ පෙම්වතිය සමඟ අඹුසැමියන් ලෙස ජීවත් වූ පෙම්වතා අත්අඩංගුවට

වයස අවුරුදු 15ක බාල වයස්කාර සිසුවියක් මව්පිය භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් ඇය සමඟ අඹුසැමි ඇසුරක් පැවැත් වූ බව තරුණයෙක් අත්අඩංගුවට ගත් බව උදාසිරිගම පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව, දුම්මලදෙණිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.

වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම අදාළ සිසුවිය තම පියා සහ සහෝදරයා සමඟ ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිසුවිය කුලී පදනම මත දුම්මලදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සැකකාර තරුණයා සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය ඔක්තොම්බර් මස 11 වන දින අලුයම් කාලයේ පෙම්වතාගෙන් ලද දුරකථන ඇමතුමක් අනුව, සිය පියාට සහ සහෝදරයාට හොර රහසේ නිවසින් පිටව ගොස් ඇති සිසුවිය පෙම්වතා සමඟ යතුරුපැදියක නැගී පුත්තලම, කුවේණිගම
ප්‍රදේශයේ පොල්වත්තකට ගොස් තිබෙනවා.

පසුව මොවුන් දෙදෙනා එම පොල් වත්තේ මාසයකට වැඩි කාලයක් අඹුසැමියන් ලෙස ජීවත් වී ඇති බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත් සිසුවියගේ පියා මේ සම්බන්ධයෙන් උදාසිරිගම පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ, අනුව සිසුවියට සහ ඇයගේ පෙම්වතාට පොලිසිය විසින් කැඳවීමක් සිදුකර ඇති අතර, ඔවුන් ඊයේ (23) දින පොලිසියට පැමිණීමෙන් පසු සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකාර පෙම්වතා අද (24) මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
6
+1
5
+1
0
+1
1
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?