ඉන්දියාවේ දුම්රියක වනඅලි රංචුවක් ගැටී අලි හතක් මරුට (වීඩියෝ)

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ හෝජායිහිදී දුම්රියක වන අලි රංචුවක් ගැටීමෙන් අලි ඇතුන් හත්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

සයිරං-නවදිල්ලි රාජ්ධානි එක්ස්ප්‍රස් දුම්රියේ එම වන අලි රංචුව අද (20) අලුයම ගැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම අනතුරත් සමඟ දුම්රිය එන්ජිම සහ දුම්රිය මැදිරි පහක් පීලි පැනීමට ලක්ව ඇති අතර, ඉන් කිසිදු මගියෙකුට හානි හෝ තුවාල සිදුවී නොමැති බවයි දුම්රිය බලධාරීන් සඳහන් කරන්නේ.

අනතුර හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

ප්‍රදේශයේ පැවති අධික මීදුම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවට සැකපළ කරන අතර, මියගිය සතුන්ගේ මරණ පරීක්ෂණය සිදුකරමින් පවතින බවයි තොරතුරු වාර්තා වුණේ.

එමෙන්ම අනතුරින් තුවාල ලැබූ එක් අලියෙකුට මේ වනවිටත් දේශීය පශු වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර සිදුකරනු ලබනවා.

මෙම අනතුර සිදුවී ඇත්තේ නම් කරන ලද අලි කොරිඩෝවක් නොවන ස්ථානයක බවයි දුම්රිය බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම ? එක පාරම ගැස්සිලා නැගිට්ටා නේද ?
01:11
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23