10 වසරේ පෙම්වතිය සමඟ අඹුසැමියන් ලෙස ජීවත් වූ පෙම්වතා අත්අඩංගුවට

වයස අවුරුදු 15ක බාල වයස්කාර සිසුවියක් මව්පිය භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් ඇය සමඟ අඹුසැමි ඇසුරක් පැවැත් වූ බව තරුණයෙක් අත්අඩංගුවට ගත් බව උදාසිරිගම පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව, දුම්මලදෙණිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.

වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම අදාළ සිසුවිය තම පියා සහ සහෝදරයා සමඟ ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිසුවිය කුලී පදනම මත දුම්මලදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සැකකාර තරුණයා සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය ඔක්තොම්බර් මස 11 වන දින අලුයම් කාලයේ පෙම්වතාගෙන් ලද දුරකථන ඇමතුමක් අනුව, සිය පියාට සහ සහෝදරයාට හොර රහසේ නිවසින් පිටව ගොස් ඇති සිසුවිය පෙම්වතා සමඟ යතුරුපැදියක නැගී පුත්තලම, කුවේණිගම
ප්‍රදේශයේ පොල්වත්තකට ගොස් තිබෙනවා.

පසුව මොවුන් දෙදෙනා එම පොල් වත්තේ මාසයකට වැඩි කාලයක් අඹුසැමියන් ලෙස ජීවත් වී ඇති බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත් සිසුවියගේ පියා මේ සම්බන්ධයෙන් උදාසිරිගම පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ, අනුව සිසුවියට සහ ඇයගේ පෙම්වතාට පොලිසිය විසින් කැඳවීමක් සිදුකර ඇති අතර, ඔවුන් ඊයේ (23) දින පොලිසියට පැමිණීමෙන් පසු සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකාර පෙම්වතා අද (24) මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

  1. AMMA NAHE NEDHA? EKKO MIDDLE EAST, NATHINAM WENA MINIHEK EKKA GIHIN, NATHINAM MARILA. DALA GIHILLA WENNATH PULUWAN. AMMA HITIYA NAM KELLA GE PODI WENASAK UNATH DANENAWA. KOHOMA UNATH ARAN GIYA EKA AWASTHAWADHEE BALLEK. OHOMA DEYAK AMAM INNA LANGA MA UNA. KOOLA DUPPATH, KELLA GE AYA INNA GEYA MODERN KALA, EKA KELLATA DENNA THIBUNE. ARU TA GETA RINGANNA NIYAM CHANCE EKA, KELLAWA PANNUWA. AMMA ENNA DUNNE NAHE, ANTHIMEDHI AWA, ITA PASSE DIVORCE KALA. DAN KELLA INNAWA GEDAA PATHTHINI AMMA WAGEYI. OKKOMA UNE AWURUDDAK ATHULE. ARU ENALA PENALA GIYA.