එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ජනපති අනුරගෙන් තුති

පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබා දුන් කඩිනම් මානුෂීය ආධාර වෙනුවෙන් සිට කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් සමඟ ඊයේ (19) පැවැත්වූ දුරකථන සංවාදයක දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ආපදා තත්ත්වයෙන් සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන්, එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා සිය බලවත් ශෝකය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ව්‍යසනයෙන් එල්ල වන අභියෝගවලට මුහුණදීමට ඔහු මෙහිදී ශ්‍රී ලංකාවට ධෛර්යය ප්‍රාර්ථනා කර ඇති බව සඳහන්.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වයට අනුකූලව අමතර සහාය ලබාදීමේ ක්‍රම ගවේෂණය කිරීම සඳහා හානියේ ප්‍රමාණය තක්සේරු කිරීමට සහ ලබාදිය හැකි ආධාරවල ස්වභාවය තීරණය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවන බව ද එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දී ඇති බව සඳහන්.

එමන්ම ශ්‍රී ලංකාව සමඟ රැඳී සිටීමට තම රට කැපවී සිටින බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා මෙහිදී නැවත තහවුරු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33