08 ශ්‍රේණියේ සිසුවියකට පහරදුන් ගුරුවරයා අත්අඩංගුවට

නානුඔය ප්‍රදේශයේ පාසලක 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට ගුරුවරයෙකු සිදුකළ පහරදීමක් හේතුවෙන් එම සිසුවිය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල්ට ඇතුළත් කර තිබෙනවා.

සිසුවියගේ මව්පියන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර ගුරුවරයා ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි නානුඔය පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර ගුරුවරයා නුවරඑළිය, කටුමාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක් වූ සිසුවිය කියා සිටියේ අදාළ ගුරුවරයා නිරන්තරයෙන් ශිෂ්‍යාවන්ට පහරදෙන බවත්, ඔවුන්ට වාචිකව විවිධ හිංසාවන්ට ලක්කරන බවයි.

අත්අඩංගුවට ගැනුණු සැකකාර ගුරුවරයා අද (07) දිනයේ නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?