07 වසරේ පාසල් දරුවෙක් ගෙළ වැළලාගෙන මිය ගිහින් – මරණය ගැන මවට සැකයක්

අම්බලන්ගොඩ, මහාවීදියේ, පටබැදිමුල්ල ප්‍රදේයේ නිවසක උඩු මහලේ පාසල් දරුවෙක් ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 07 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙක් බවයි අම්බලන්ගොඩ’ දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

මෙම දරුවාගේ මව්පියන් දික්කසාද නඩුවක් මත වෙන්ව සිටින අතර, දරුවා පියාගේ භාරයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

රුපවාහිනී නරඹමින් සිටි දරුවා ඊයේ (26) රාත්‍රියේ 8.30ට නින්දට ගොස් ඇති අතර, අද (27) අලුයම් කාලයේ දරුවා කාමරය තුළ නොසිටිම නිසා ඒ පිළිබඳව සොයාබලා තිබෙනවා.

එහිදී දරුවා නිවසේ උඩ මහලේ බැල්කනියේ ගෙළ වැළලාගෙන සිටිය දී පියා විසින් දැක තිබෙනවා.

අම්බලන්ගොඩ හදිසි මරණ පරීක්ෂකවරයා පැමිණ පරීක්ෂණ පවත්වා මෘත දේහය බලපිටිය රෝහලේ මෘත ශරිරාගාරය වෙත යොමුකරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

මේ අතර දරුවාගේ මව සහ පියා අද අම්බලන්ගොඩ පොලිසිය කැදවා ඇති අතර, එහිදී මව පවසා ඇත්තේ තම දරුවාගේ මරණය සක සහිත බවයි.

ඒ, අනුව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට නියමිත අතර, වැඩිදුර විමර්ශන අම්බලන්ගොඩ පොලිසිය සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
54
+1
13
+1
26
+1
395
+1
26
+1
9
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?