07 වසරේ පාසල් දරුවෙක් ගෙළ වැළලාගෙන මිය ගිහින් – මරණය ගැන මවට සැකයක්

අම්බලන්ගොඩ, මහාවීදියේ, පටබැදිමුල්ල ප්‍රදේයේ නිවසක උඩු මහලේ පාසල් දරුවෙක් ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 07 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙක් බවයි අම්බලන්ගොඩ’ දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

මෙම දරුවාගේ මව්පියන් දික්කසාද නඩුවක් මත වෙන්ව සිටින අතර, දරුවා පියාගේ භාරයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

රුපවාහිනී නරඹමින් සිටි දරුවා ඊයේ (26) රාත්‍රියේ 8.30ට නින්දට ගොස් ඇති අතර, අද (27) අලුයම් කාලයේ දරුවා කාමරය තුළ නොසිටිම නිසා ඒ පිළිබඳව සොයාබලා තිබෙනවා.

එහිදී දරුවා නිවසේ උඩ මහලේ බැල්කනියේ ගෙළ වැළලාගෙන සිටිය දී පියා විසින් දැක තිබෙනවා.

අම්බලන්ගොඩ හදිසි මරණ පරීක්ෂකවරයා පැමිණ පරීක්ෂණ පවත්වා මෘත දේහය බලපිටිය රෝහලේ මෘත ශරිරාගාරය වෙත යොමුකරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

මේ අතර දරුවාගේ මව සහ පියා අද අම්බලන්ගොඩ පොලිසිය කැදවා ඇති අතර, එහිදී මව පවසා ඇත්තේ තම දරුවාගේ මරණය සක සහිත බවයි.

ඒ, අනුව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට නියමිත අතර, වැඩිදුර විමර්ශන අම්බලන්ගොඩ පොලිසිය සිදුකරනු ලබනවා.

  1. සමහර විට මොකක් හරි වරදකට තාත්ත ගහන්න ඇති . ගහපු පාරකට ලමය මියගියාද දන්නෙ නැහැ. ඊටපස්සේ භයවෙලා එල්ලුව වෙන්නත් පුලුවන්. එතරම් කුඩා දරුවෙකුට දිවිනසා ගැනීමට හේතුවක් තිබිය හැකිද.

  2. කුඩා දරුවෙකුට සි දිවි නසා ගැනීමෙ චේතනාවක් ඇති වුනා කියලා මම ඇහුවෙ පළමු වතාවටයි….හැබැයි මානසික පීඩනය මත එවැනි හදිසි තීරණයක් ගන්නත් පුළුවන්.
    තවද ක්ෂණික සිත් වේදනාවක් ඇති වී ක්ෂණික තීරණයක් ගත්තා විය හැක මේ මරණයට මවිපියන් වගකිව යුතුය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25