තරුණ ව්‍යවසායක ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට බැංකු 03කට අනුමැතිය

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, වසර 05 ක් තුළ ව්‍යවසායකයින් 50,000 ක් බිහි කිරීම සඳහා මූල්‍ය පහසුකම් හා මග පෙන්වීම් ලබා දීමට රජය විසින් පියවර ගත යුතු බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව, 2025 අයවැය යෝජනාවක් මඟින් එම අරමුණ ළඟා කර ගැනීමේ එක් පියවරක් වශයෙන් සහනදායී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස රුපියල් මිලියන 500ක අරමුදල් වෙන් කරනු ලැබුවා.

කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා එම මුදල යොදා ගැනීම පිණිස පසුගිය වසරේ අගෝස්තු 18 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

එම ණය යෝජනා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිණිස 2026 වර්ෂය සඳහා වන අයවැය මඟින් රුපියල් මිලියන 750ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබුවා.

ඒ අනුව, 4%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ මහජන බැංකුව, ලංකා බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා එකී ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත්, ඊට අදාළ මාර්ගෝපදේශ නිකුත් කිරීමටත් අදාළව සිය අමාත්‍යාංශය විසින් ගනු ලැබීමට සැලසුම් කර ඇති පියවරයන් පිළිබඳ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර ඇති බවත් කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27