2026 උ.පෙළ විභාගයට අයදුම්පත්‍ර කැඳවීම අද සිට

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත්‍ර කැඳවීම අද (24) දින සිට 2026.04.24 දින දක්වා මාර්ගගතව සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව සියලු ම අයදුම්කරුවන්, මාර්ගගතව (Online) පමණක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic යන වෙබ් අඩවි වෙත පිවිස අදාළ උපදෙස් අනුව ම නිවැරදිව මාර්ගගතව (Online) අයදුම්පත්‍ර යොමු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

විභාගය සඳහා රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වල සිසුන් තමා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති මගින් ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින් පෞද්ගලිකවම ද අයදුම්පත් යොමු කළ යුතු වනවා.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් ඔබ වෙත ලබාදී ඇති පරිශීලක නාම (User Name) සහ මුරපදය (Password) භාවිත කරමින් අයදුම්පත් යොමු කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කර තමා විසින්ම මාර්ගගතව අයදුම්පත් යොමු කළ යුතුයි.

පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරුන් විසින් ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින්ම ද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබාගත යුතු බව ද දැනුම් දෙනවා.

අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් නියමිත දිනට පෙර විභාගය සඳහා ඉල්ලුම් කිරීමට කටයුතු කරන මෙන් වැඩි දුරටත් දන්වා සිටිනවා.

මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දුරකථන අංක මගින් හෝ විද්‍යුත් තැපැල මගින් විමසීම් කළ හැකියි.

ක්ෂණික දුරකථන -1911
දුරකථන අංක – 0112785922, 0112784537, 0112786616, 0112784208
ෆැක්ස් අංක – 0112784422
විද්‍යුත් තැපෑල – [email protected]



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04