07වනදා රට විවෘත කිරීම බරපතළ ගැටලුවක! සෞඛ්‍ය අංශ කළ අනතුරු ඇඟවීම

දැනට පවතින තත්ත්වය මත 07 වනදා රට විවෘත කිරීමට හැකිද යන්න බරපතළ ගැටලුවක් තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සංචරණ සීමා නොසලකා හරිමින්, සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මහජනතාව ඉතාම කණගාටුදාක ලෙස කටයුතු කරන බවයි.

මේ කණගාටුදායක තත්ත්වය ඉදිරි දින කිහිපයෙත් තිබුණහෝත් රට විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙන බවත් සෞඛ්‍ය උපදෙස් කඩකරන සියලුදෙනාත්, රටේ අනෙකුත් මහජනතාවත් භයානක තත්ත්වයකට තල්ලුවෙමින් යන බවට දක්නට ලැබෙන බවත් ඔහු අවධාරණය කළේය.

උපුල් රෝහණ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“සංචරණ සීමා දින 14ක් පනවලා තියෙද්දි පසුගිය දින තුනේ අපි විශේෂයෙන්ම දැකපු ප්‍රවනතාවයක් තමයි මහජනතාව සංචරණ සීමා නොසලකා ඉතාම කණගාටුදාක ලෙස සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරනවා. මේ තත්ත්වයට පොදුවේ මහජනතාව වගේම රාජ්‍ය ආයතන ප්‍රධානීන්, පෞද්ගලික ආයතන ප්‍රධානීන් වගකිවයුතුවනවා. විශේෂයෙන් ඇතැම් පුද්ගලික ආයතන කිසිසේත් අත්‍යවශ්‍ය සේවා නොවන ආයතන සේවකයින් කැඳවමින් ඔවුන්ගේ ලාභ ලබාගැනීමේ අරමුණු කරගෙන කටයුතු කරනවා කියලා අපිට දිගින් දිගටම පෙනෙන්නට තිබෙනවා. මේ කණගාටුදායක තත්ත්වය ඉදිරි දින කිහිපයෙත් තිබුණහෝත් මේ රට ඉදිරි දින කිහිපයේද විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙනවා.”

ඒවාගේම මේ සැරිසරන සියලුදෙනාත්, සෞඛ්‍ය උපදෙස් කඩකරන සියලුදෙනාත්, රටේ අනෙකුත් මහජනතාවත් භයානක තත්ත්වයකට තල්ලුවෙමින් යන බවට පෙන්න තිබෙනවා. අපිට මේක ජුනි මාසයේ දෙවන සතිය වෙද්දි යම් තරමකට අඩුවක් ලබා ගන්න නම් අපි විශේෂ කැපකිරීමක් කරන්න ඕනේ රටේ මහජනතාව. මේ සංචරණ සීමා කඩකිරීම මේ විදියටම ගියොත් මහජනතාව වගකීමෙන් තොරව කටයුතු කළහොත් අපි ඉතාමත් කණගාටුදායක තැනකට රටක් විදිහට තල්ලුවෙමින් තිබෙනවා. අපි බලාපොරොත්තු වූ ලෙස සංචරණ සීමා රකින්නේ නැහැ. සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නැහැ මහජනතාව ඒ වාගේම ආයතන මට්ටමින් මේ උපදෙස් පිළිපදින්නේ නැහැ. ඔවුන්ට දී ඇති ආයතන පවත්වාගෙන යාමට අවශ්‍ය අවම කාර්යමණ්ඩලය කැඳවන්න දීලා තියෙන බලතල අවභාවිත කරන බවට පෙනෙන්න තිබෙනවා. ඒ නිසා මේ විදිහට ගියොත් මේ රෝගීන් කිසිසේත් ඉදිරියට අඩුවෙන්නේ නැහැ. ඒවගේම මරණ සංඛ්‍යාව දෛනිකව වැඩිවෙනවා. ඒ නිසා මරණ වැඩිවීම රෝගීන් වැඩිවීම තවදුරටත් ඉදිරියට මෙලෙස සිදුවෙන්නට පුළුවන්. මේ විදිහට සංචරණ සීමා නොතකමින් වගකීමෙන් කටයුතු නොකළහොත්.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?