07වනදා රට විවෘත කිරීම බරපතළ ගැටලුවක! සෞඛ්‍ය අංශ කළ අනතුරු ඇඟවීම

දැනට පවතින තත්ත්වය මත 07 වනදා රට විවෘත කිරීමට හැකිද යන්න බරපතළ ගැටලුවක් තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සංචරණ සීමා නොසලකා හරිමින්, සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මහජනතාව ඉතාම කණගාටුදාක ලෙස කටයුතු කරන බවයි.

මේ කණගාටුදායක තත්ත්වය ඉදිරි දින කිහිපයෙත් තිබුණහෝත් රට විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙන බවත් සෞඛ්‍ය උපදෙස් කඩකරන සියලුදෙනාත්, රටේ අනෙකුත් මහජනතාවත් භයානක තත්ත්වයකට තල්ලුවෙමින් යන බවට දක්නට ලැබෙන බවත් ඔහු අවධාරණය කළේය.

උපුල් රෝහණ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“සංචරණ සීමා දින 14ක් පනවලා තියෙද්දි පසුගිය දින තුනේ අපි විශේෂයෙන්ම දැකපු ප්‍රවනතාවයක් තමයි මහජනතාව සංචරණ සීමා නොසලකා ඉතාම කණගාටුදාක ලෙස සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරනවා. මේ තත්ත්වයට පොදුවේ මහජනතාව වගේම රාජ්‍ය ආයතන ප්‍රධානීන්, පෞද්ගලික ආයතන ප්‍රධානීන් වගකිවයුතුවනවා. විශේෂයෙන් ඇතැම් පුද්ගලික ආයතන කිසිසේත් අත්‍යවශ්‍ය සේවා නොවන ආයතන සේවකයින් කැඳවමින් ඔවුන්ගේ ලාභ ලබාගැනීමේ අරමුණු කරගෙන කටයුතු කරනවා කියලා අපිට දිගින් දිගටම පෙනෙන්නට තිබෙනවා. මේ කණගාටුදායක තත්ත්වය ඉදිරි දින කිහිපයෙත් තිබුණහෝත් මේ රට ඉදිරි දින කිහිපයේද විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙනවා.”

ඒවාගේම මේ සැරිසරන සියලුදෙනාත්, සෞඛ්‍ය උපදෙස් කඩකරන සියලුදෙනාත්, රටේ අනෙකුත් මහජනතාවත් භයානක තත්ත්වයකට තල්ලුවෙමින් යන බවට පෙන්න තිබෙනවා. අපිට මේක ජුනි මාසයේ දෙවන සතිය වෙද්දි යම් තරමකට අඩුවක් ලබා ගන්න නම් අපි විශේෂ කැපකිරීමක් කරන්න ඕනේ රටේ මහජනතාව. මේ සංචරණ සීමා කඩකිරීම මේ විදියටම ගියොත් මහජනතාව වගකීමෙන් තොරව කටයුතු කළහොත් අපි ඉතාමත් කණගාටුදායක තැනකට රටක් විදිහට තල්ලුවෙමින් තිබෙනවා. අපි බලාපොරොත්තු වූ ලෙස සංචරණ සීමා රකින්නේ නැහැ. සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නැහැ මහජනතාව ඒ වාගේම ආයතන මට්ටමින් මේ උපදෙස් පිළිපදින්නේ නැහැ. ඔවුන්ට දී ඇති ආයතන පවත්වාගෙන යාමට අවශ්‍ය අවම කාර්යමණ්ඩලය කැඳවන්න දීලා තියෙන බලතල අවභාවිත කරන බවට පෙනෙන්න තිබෙනවා. ඒ නිසා මේ විදිහට ගියොත් මේ රෝගීන් කිසිසේත් ඉදිරියට අඩුවෙන්නේ නැහැ. ඒවගේම මරණ සංඛ්‍යාව දෛනිකව වැඩිවෙනවා. ඒ නිසා මරණ වැඩිවීම රෝගීන් වැඩිවීම තවදුරටත් ඉදිරියට මෙලෙස සිදුවෙන්නට පුළුවන්. මේ විදිහට සංචරණ සීමා නොතකමින් වගකීමෙන් කටයුතු නොකළහොත්.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03