06 ශ්‍රේණියට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ලබන වසරට කල් දැමේ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී 06 ශ්‍රේණියට අදාළ විෂය මාලා ප්‍රතිසංස්කරණ මෙම වසරේ ක්‍රියාත්මක නොකර 2027 වසරේ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළා.

06 වන ශ්‍රේණියේ ප්‍රශ්නගත ඉංග්‍රිසි මොඩියුලයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික අධධ්‍යාපන ආයතනය විසින් සිදුකළ විමර්ශන වාර්තාව තුළින් ලද ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් අදාළ සිදුවීම වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

මේ අතර පළමු වන ශ්‍රේණියට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම්කර ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
11
+1
13
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?