මැයි දිනය වෙනුවෙන් සමගි ජන බලවේගය පවත්වන ලබන මැයි රැළියේදී කාගේත් කතාබහට ලක්වුණු සිදුවීමක් තමයි ෆොන්සේකා හරීන් ගැටුම.
ඇත්තටම මොකක්ද මේ වුණේ..?
ඒ ගැන දේශපාලන ආරංචි මාර්ග අපිට සඳහන් කළේ මෙන්න මේ වගේ කතාවක්.
ෆොන්සේකා හරීන්ට කතා කරලා කියනවා සජිත් නායකතුමාට කලින් කතාව එයාට දෙන්න කියලා.
(නමුත් සජිත්ට කලින් කතාව තිබ්බේ හරීන්ට)
පස්සේ හරීන් කියනවා එහෙම කරන්න අමාරුයි. කලින් කතා කර ගත්ත විදියටනේ කථික අනුපිලිවෙල හැදුවේ කියලා.
පස්සේ ටිකක් කේන්ති ගිය ෆොන්සේකා කියනවා එහෙනම් මම යනවා කියලා.
පස්සේ හරීන් කියනවා ඔබතුමා කේන්ති ගන්න එපා ඉවසන්න කියලා.
ඒ එක්කම ෆොන්සේක හරින් දෙසට අත දිගුකරනවා, හරීන්,ෆොන්සේකාගේ අත ගසලා දාලා යනවා.
පස්සේ විපක්ෂ නායකතුමා මැදිහත් වෙලා ගැටලුව විසදනවා. දෙන්නට දෙන්නා(ෆොන්සේකා සහ හරීන්) කණගාටුව ප්‍රකාශ කර ගන්නවා.
මැයි රැලිය ඉවර වෙලා රාත්‍රී 9 ට විතර අනෝමා ෆොන්සේකගේ අතින් හදපු ඉදිආප්ප ෆොන්සේකගේ ගෙදර ඉදන්ම හරීන් කෑවා..
මේක මේ සාමාන්‍ය දෙයක්..
සසැදි පුවත – හරීන් ප්‍රනාන්දු සහ සරත් ෆොන්සේකා සජබ රැළියේදී හැප්පෙයි




