ෆොක්ස් හිල් අනතුරෙන් මියගිය කිහිපදෙනෙකුගේ දේහයන් නිවෙස් වෙත (වීඩියෝ)

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන පථයේදී සිදුවූ බිහිසුනු අනතුරෙන් මියගිය කිහිපදෙනෙකුගේ සිරුරු ඔවුන්ගේ ඥාති නිවෙස් වෙත ඊයේ (22) පස්වරුවේ රැගෙන එනු ලැබුවා.

මේ අතර සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පිරිසක් දියතලාව සහ බදුල්ල රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

පෙරේදා සිදුවූ මෙම මෝටර් රථ අනතුරෙන් වැලිමඩ, ඩයරබා වතුයායේ පදිංචි 55 හැවිරිදි මුත්තුසාමි උදයකුමාර් සහ ඔහුගේ මිණිපිරිය වන 08 හැවිරිදි ශිව කුමාර් දිනූෂිකා ද මියගිය අතර ඔවුන්ගේ සිරුරු ඊයේ (22) පස්වරුවේ නිවෙස් වෙත රැගෙනු
එනු ලැබුවා.

දිනුෂිකාගේ මව මීට පෙර මියගොස් ඇති අතර, ඇය හැදී වැඩී ඇත්තේ අනතුරින් මියගිය සීයා සහ මිත්තණිය සෙවනේයි.

ඇය මෝටර් රථ ධාවන තරග සදහා ඇති දැඩි කැමැත්ත නිසාවෙන්ම බස් රථයක නැගී දියතලාවට ගොස් තරග නරඹමින් සිටිය දී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා තිබුණා.

මේ අතර අදාල අනතුරින් මියගිය අකුරැස්ස වලව්වත්තේ පදිංචිව සිටි 20 හැවිරිදි අශේන් හීනයටිගලගේ සිරුරු ද සිය නිවෙස වෙත රැගෙන එනු ලැබුවා.

මෙම අනතුරෙන් මාතර – කාලිදාස පාරේ පදිංචි උපාලි ගමගේ සහ ගොඩගම පදිංචි ගනේෂ් ජයවර්ධන යන මිතුරන් දෙදෙනා ද මියගිය අතර, ඔවුන්ගේ දේහයන් එකම වේලාවක එකම ස්ථානයක මිහිදන් කිරීමට දෙපාර්ශවයේ ඥාතීන් තීරණය කර තිබෙනවා.

ඒ, පාසල් වයසේ සිට ගජ මිතුරන් වූ මොවුන් දෙදෙනාට ගෞරවයක් ලෙසයි.

මේ අතර අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබෙනවා.

මෙම කමිටුවට සාමාජිකයින් හත්දෙනෙක් ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?