ෆොක්ස් හිල් අනතුරට අදට සතියයි – සත් පුද්ගල කමිටු වාර්තාව 10 වනදා යුද හමුදාපතිට

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් අනතුර සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කළ සත් පුද්ගල කමිටුවේ වාර්තාව ලබන මැයි මස 10 වනදා වනවිට යුද හමුදාපතිවරයා වෙත ලබාදීමට නියමිත බව වාර්තා වනවා.

මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව අනතුර සිදු වූ තරග ඉසව්වේ වීඩියෝ දර්ශන යොදාගනිමින් විමර්ශනය මේ වනවිට සිදුකරන බවයි යුද හමුදාව සඳහන් කළේ.

පසුගිය 21 වන ඉරිදා සිදු වූ මෙම මාරාන්තික අනතුරට අදට සතියක් ගත වනවා.

ධාවන තරගයට එක් වූ මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 07දෙනෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?