ෆේස්බුක් සාදයක් වටලා තිදෙනෙක් අත්අඩංගුවට

වැලිගම, මිරිස්ස ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ෆෙස් බුක් සාදයක් වටලා පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය විසින් මෙම වැටලීම සිදුකර තිබුණා.

එහිදී රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මත්පැන් සොයාගෙන ඇති බව සඳහන්.

එම ෆෙස්බුක් සාදය සඳහා වයස අවුරුදු 20-25 වයසේ පසුවන තරුණ තරුණියන් පිරිසක් සහභාගී වී සිටි බවයි දකුණු පළාත් විශේෂ සුරාබදු මෙහෙයුම් කාර්යාංශය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙහි සංවිධායකයින් බවයි පොලීසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?