ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් සහ සැකකාරියන් 76 දෙනෙක් ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
සීදුව, බෙල්ලානවත්ත ප්‍රදේශයේ හෝටලක් තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරමින් ෆේස්බුක් සාදයක් පවත්වන බවට සීදූව පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
මෙම සාදයට සහභාගී වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිටි බවත්,අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා හා නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට් සමඟ සැකකාරියන් තිදෙනෙකු සහ සැකකරුවන් 14ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊට අතරව මෙම සාදය සඳහා සහභාගී වූ තරුණියන් 12 දෙනෙකු සහ තරුණයින් 47 දෙනෙකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවරුදු 18 ත් 25ත් අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.
සිද්ද්ධිය සම්බන්ධයෙන් සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.