AFC Banner
AFC Banner
Empty Ad

ෆේස්බුක් ගැන අලුත් ම අනාවරණයක්

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ දිනපතා භාවිත කරන සංඛ්‍යාව බිලියන දෙකේ සීමාව දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට ආසන්නයි.

ෆේස්බුක් හිමි මෙටා සමාගම පවසන්නේ මෙය අපේක්ෂා නොකළ තරම් ඉහළ වර්ධනයක් බවයි.

ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් විසින්, 2023 යනු කාර්යක්ෂමතාවයේ වසර ලෙස ප්‍රකාශයට පත් කළා.

එම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු මෙටා සමාගමේ කොටස් මිල ගණන් සියයට 15කටත් වඩා වැඩි අගයකින් ඉහළ යාම කැපී පෙනෙන තත්ත්වයක්.

මෙලෙස ආදායම ඉහළ ගියද වියදම් කප්පාදු කිරීමට ෆේස්බුක් ගෙන ඇති තීරණය මෙතෙක් වෙනස් කර නැහැ.

ඒ අනුව සමාගමේ රැකියා 11,000ක් කපා හැරීමට නියමිතයි. එය ෆේස්බුක් සමස්ත සේවක පිරිසෙන් සියයයට 13ක්. එමගින් ඩොලර් බිලියන 4.6ක් ඉතිරි කර ගැනීම අපේක්ෂා වනවා.

ෆේස්බුක් සමාගම පසුගිය 2022 වසරේ ඉතිහාසයේ දරුණුතම කඩා වැටීමට මුහුණ දුන්නා.

රැකියා සහ වියදම් කප්පාදුවට ප්‍රධාන වශයෙන් හේතු වූයේ එම තත්ත්වයයි.

ෆේස්බුක් සමාගමේ ඉකුත් වසරේ අවසන් මාස තුනේදී අමෙරිකානු ඩොලර් බිලියන 32.2ක ආදායම් කඩා වැටීමක් සිදුව තිබෙනවා.

එවන් පසුබිමක ගතවූ දෙසැම්බර් මාසය වනවිට ෆේස්බුක් දෛනිකව භාවිත කරන පිරිස ඉකුත් වසරට සාපේක්ෂව සියයට 4කින් ඉහළ ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?