AFC Banner
AFC Banner
Empty Ad

ෆේස්බුක් එකෙන් ආණ්ඩුවට බැන්න සිද්ධියේ දෙපාර්ශ්වයම පොලිසියට (වීඩියෝ)

රජයට එරෙහිව සමාජ මාධ්‍යවල පළකර ඇති පෝස්ට් ඉවත්කර ගන්නා ලෙස යටවත්ත ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු තමන්ට බලපෑම් කළ බවට මාතලේ ප්‍රදේශයේ පුද්ගලයෙක් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

එම පැමිණිල්ලට අනුව දෙපාර්ශ්වයම අද (17) දිනයේ යටවත්ත පොලිසියට කැඳවීමටයි කටයුතු කර තිබුණේ.

එලෙස පොලිසිය වෙත කැඳවා තිබූ දෙපාර්ශ්වය සමථ මණ්ඩලය වෙත යොමු කිරීමටයි යටවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇත්තේ.

ඒ, අනුව අදාළ ගැටලුව සමථ මණ්ඩලය තුළ නිරාකරණය කර ගැනීමට දෙපාර්ශ්වය අපොහොසත් වන්නේ නම් එය අධිකරණය වෙත යොමු කරන බවයි ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියේ.

ජාතික ජන බලවේගය ආණ්ඩුවට විරුද්ධව ෆේස්බුක් සමාජ මාධ්‍ය වේදිකාව තුළ පෝස්ට් පළ කළ මාතලේ, යටවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නිවසට පැමිණි යටවත්ත ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙක් අදාළ පෝස්ට් ඉවත්කර ගන්නා ලෙසට බලකරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පසුගිය දා සංසරණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?