ෆෙන්ගල් සුළි කුණාටුවත් සමඟ දකුණු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට රතු නිවේදන

ෆෙන්ගල් සුළි කුණාටුව තමිල්නාඩුව දෙසට ගමන් කර පුදුචෙරි නගරය ආසන්නයේ ගොඩබිමට කඩා වදිමින් පවතින බව ඉන්දීය කාලගුණ අංශ වාර්තා කරනවා.

ඒ, අනුව සුළි කුණාටුව තමිල්නාඩු – පුදුචේරි වෙරළ තීරයට පැයට කිලෝමීටර් 90ක වේගයෙන් ඇතුල් වීමට නියමිත බවයි එරට කාලගුණ අංශ සඳහන් කළේ.

මේ අතර නොනවතින වර්ෂාපතනය හේතුවෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දකුණු ප්‍රාන්තවල විවිධ ප්‍රදේශවලට රතු නිවේදනයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සුළි කුණාටු අංශයේ ප්‍රධානී ආනන්ද දාස් පවසන පරිදි තමිල්නාඩු, දකුණු ආන්ද්‍ර ප්‍රදේශ්, කේරළ සහ කර්නාටක අභ්‍යන්තර ප්‍රදේශ කිහිපයක අධික වර්ෂාපතනයක් හේතුවෙන් මෙලෙස රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි.

උතුරු තමිල්නාඩුවේ සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ්හි වෙරළබඩ දිස්ත්‍රික්කවලට අධික වර්ෂාපතනයක් ලැබෙනු ඇති බවත්, අද දිනය තුළ තමිල්නාඩු අභ්‍යන්තර ප්‍රදේශයන්ට ද තද වර්ෂාපතනයක් ලැබෙනු ඇති බවයි එරට කාලගුණ අංශ පැවසුවේ.

මේ අතර මෙම සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් චෙන්නායි හි ගුවන් ගමන් වාර 55ක් අවලංගු කර ඇති අතර, ඊට අමතරව චෙන්නායි ගුවන් තොටුපොළ වෙත පැමිණි තවත් ගුවන් යානා 19ක් ආපසු හරවා යවා තිබෙනවා.

අධික වර්ෂාවත් සමඟ චෙන්නායි ගුවන් තොටුපොළේ ධාවන පථ දෙකක් ජලයෙන් යට වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ හේතුවෙන් චෙන්නායි ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමා තිබෙනවා.

එමෙන්ම චෙන්නායි හි දුම්රිය ධාවනයට ද මෙම තත්ත්වයත් සමඟ දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45
Video thumbnail
විදේශිකයන් රැගත් වෑන් එකක් ග්‍රෙගරි වැව අසළ සිදුවූ බිහිසුණු අනතුර
01:09
Video thumbnail
අජිත්ගෙන් ලාල් කාන්තට සැර සත්තමක්.."කිසිම සමාවක් දෙන්න බැරි පහත් විවේචනයක් කළේ"
06:53


?