ෆෙන්ගල් සුළි කුණාටුවත් සමඟ දකුණු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට රතු නිවේදන

ෆෙන්ගල් සුළි කුණාටුව තමිල්නාඩුව දෙසට ගමන් කර පුදුචෙරි නගරය ආසන්නයේ ගොඩබිමට කඩා වදිමින් පවතින බව ඉන්දීය කාලගුණ අංශ වාර්තා කරනවා.

ඒ, අනුව සුළි කුණාටුව තමිල්නාඩු – පුදුචේරි වෙරළ තීරයට පැයට කිලෝමීටර් 90ක වේගයෙන් ඇතුල් වීමට නියමිත බවයි එරට කාලගුණ අංශ සඳහන් කළේ.

මේ අතර නොනවතින වර්ෂාපතනය හේතුවෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දකුණු ප්‍රාන්තවල විවිධ ප්‍රදේශවලට රතු නිවේදනයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සුළි කුණාටු අංශයේ ප්‍රධානී ආනන්ද දාස් පවසන පරිදි තමිල්නාඩු, දකුණු ආන්ද්‍ර ප්‍රදේශ්, කේරළ සහ කර්නාටක අභ්‍යන්තර ප්‍රදේශ කිහිපයක අධික වර්ෂාපතනයක් හේතුවෙන් මෙලෙස රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි.

උතුරු තමිල්නාඩුවේ සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ්හි වෙරළබඩ දිස්ත්‍රික්කවලට අධික වර්ෂාපතනයක් ලැබෙනු ඇති බවත්, අද දිනය තුළ තමිල්නාඩු අභ්‍යන්තර ප්‍රදේශයන්ට ද තද වර්ෂාපතනයක් ලැබෙනු ඇති බවයි එරට කාලගුණ අංශ පැවසුවේ.

මේ අතර මෙම සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් චෙන්නායි හි ගුවන් ගමන් වාර 55ක් අවලංගු කර ඇති අතර, ඊට අමතරව චෙන්නායි ගුවන් තොටුපොළ වෙත පැමිණි තවත් ගුවන් යානා 19ක් ආපසු හරවා යවා තිබෙනවා.

අධික වර්ෂාවත් සමඟ චෙන්නායි ගුවන් තොටුපොළේ ධාවන පථ දෙකක් ජලයෙන් යට වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ හේතුවෙන් චෙන්නායි ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමා තිබෙනවා.

එමෙන්ම චෙන්නායි හි දුම්රිය ධාවනයට ද මෙම තත්ත්වයත් සමඟ දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51