AFC Banner
AFC Banner
Empty Ad

ළමුන් බිලිගන්නා අලුත් කොවිඩ් ප්‍රභේදයක්

ඉන්දීය ප්‍රභේදය විකෘති වෙයි

ඉන්දියාව තුළ භයානක ප්‍රතිඵල අත් කරදෙමින් පැතිර ගිය, මේවන විට රටවල් ගණනාවකට ද ව්‍යාප්ත වී ඇති කොවිඩ් 19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය (ඉන්දීය ප්‍රභේදය) විකෘති වී තවත් ප්‍රභේදයක් හටගෙන ඇති බව එරටින් ලැබෙන පුවත් වාර්තා සඳහන් කරනවා.

එය නම් කොට ඇත්තේ “ඩෙල්ටා ප්ලස්” ලෙස යි.

මෙම ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා භයානක විය හැකි බවට යි මේවන විට සිදු කර ඇති පර්යේෂණයන්ට අනුව අනාවරණය වී ඇත්තේ.

අලුත් රැල්ලක්

වඩාත් තීරණාත්මක කරුණ වන්නේ මෙම ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ළමුන්ට වැඩි අවදානමක් ඇති නව කොවිඩ් රැල්ලක් ලෙස මතු වීමට ඉඩ ඇති බවට එරට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමට කටයුතු කිරීම යි.

ඉන්දීය කොවිඩ් පාලන කාර්ය සාධන බලකාය ප්‍රකාශ කර ඇත්තේ කුඩා ළමුන්ට වැඩි බලපෑමක් එල්ල කරමින් ඉන්දියාව තුළ තෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වනු ඇති බව යි.

මෙම රැල්ල තවත් මාස කිහිපයකින් ඉන්දියාව වෙත පතිත වීමට ඉඩ කඩ පවතින බවත් මෙම ව්‍යාප්තියේ වැඩි බලපෑම එල්ලවිය හැක්කේ මහාරාශ්‍ට්‍ර ප්‍රාන්තයට බවත් ඔවුන් පුරෝකථනය කරනවා.

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය හේතුවෙන් පැතිර යාමට නියමිත මෙම රැල්ලේදී එක්වර සක්‍රීය රෝගීන් ලක්ෂ 8ක් පමණ වාර්තා වීමේ හැකියාවක් ඇතැයි ද ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් බිය පළ කරනවා.

එම ලක්ෂ 8න් 10%ක් හෙවත් ආසාදිතයින් 80,000ක් පමණ ළමුන් විය හැකි බව ද අනුමාන කොට තිබෙනවා.

ඉන්දීය මාරයා ලංකාවටත් එයි

මේ අතර, ඩෙල්ටා ප්ලස් ප්‍රභේදයට හේතු වූ භයානක ඩෙල්ටා ප්‍රභේදය මෙරටින් ද හමු වූ බව අද (17) දින අනාවරණය වූවා.

කොළඹින් මෙම ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 05 දෙනෙකු හමු වූ බව යි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශල්‍ය ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසා සිටියේ.

මෙම ප්‍රභේදය දැනට මෙරට තුළ ව්‍යාප්තව ඇති B11 හෙවත් බ්‍රිතාන්‍ය ප්‍රභේදයට වඩා අතිශය බරපතළ හානි ගෙනදෙන බවත් එය දෙගුණයක වේගයකින් ව්‍යාප්ත වන බවත් ඔහු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?