ළමුන් බිලිගන්නා අලුත් කොවිඩ් ප්‍රභේදයක්

ඉන්දීය ප්‍රභේදය විකෘති වෙයි

ඉන්දියාව තුළ භයානක ප්‍රතිඵල අත් කරදෙමින් පැතිර ගිය, මේවන විට රටවල් ගණනාවකට ද ව්‍යාප්ත වී ඇති කොවිඩ් 19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය (ඉන්දීය ප්‍රභේදය) විකෘති වී තවත් ප්‍රභේදයක් හටගෙන ඇති බව එරටින් ලැබෙන පුවත් වාර්තා සඳහන් කරනවා.

එය නම් කොට ඇත්තේ “ඩෙල්ටා ප්ලස්” ලෙස යි.

මෙම ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා භයානක විය හැකි බවට යි මේවන විට සිදු කර ඇති පර්යේෂණයන්ට අනුව අනාවරණය වී ඇත්තේ.

අලුත් රැල්ලක්

වඩාත් තීරණාත්මක කරුණ වන්නේ මෙම ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ළමුන්ට වැඩි අවදානමක් ඇති නව කොවිඩ් රැල්ලක් ලෙස මතු වීමට ඉඩ ඇති බවට එරට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමට කටයුතු කිරීම යි.

ඉන්දීය කොවිඩ් පාලන කාර්ය සාධන බලකාය ප්‍රකාශ කර ඇත්තේ කුඩා ළමුන්ට වැඩි බලපෑමක් එල්ල කරමින් ඉන්දියාව තුළ තෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වනු ඇති බව යි.

මෙම රැල්ල තවත් මාස කිහිපයකින් ඉන්දියාව වෙත පතිත වීමට ඉඩ කඩ පවතින බවත් මෙම ව්‍යාප්තියේ වැඩි බලපෑම එල්ලවිය හැක්කේ මහාරාශ්‍ට්‍ර ප්‍රාන්තයට බවත් ඔවුන් පුරෝකථනය කරනවා.

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය හේතුවෙන් පැතිර යාමට නියමිත මෙම රැල්ලේදී එක්වර සක්‍රීය රෝගීන් ලක්ෂ 8ක් පමණ වාර්තා වීමේ හැකියාවක් ඇතැයි ද ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් බිය පළ කරනවා.

එම ලක්ෂ 8න් 10%ක් හෙවත් ආසාදිතයින් 80,000ක් පමණ ළමුන් විය හැකි බව ද අනුමාන කොට තිබෙනවා.

ඉන්දීය මාරයා ලංකාවටත් එයි

මේ අතර, ඩෙල්ටා ප්ලස් ප්‍රභේදයට හේතු වූ භයානක ඩෙල්ටා ප්‍රභේදය මෙරටින් ද හමු වූ බව අද (17) දින අනාවරණය වූවා.

කොළඹින් මෙම ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 05 දෙනෙකු හමු වූ බව යි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශල්‍ය ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසා සිටියේ.

මෙම ප්‍රභේදය දැනට මෙරට තුළ ව්‍යාප්තව ඇති B11 හෙවත් බ්‍රිතාන්‍ය ප්‍රභේදයට වඩා අතිශය බරපතළ හානි ගෙනදෙන බවත් එය දෙගුණයක වේගයකින් ව්‍යාප්ත වන බවත් ඔහු පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24
Video thumbnail
තිලීපන් සැමරුම නොදැක්කා වගේ හිටිය ජනපති පා ගමනට බාධා කරනවා - ජනපතිට පුළුවන්නේ සමාව දෙන්න
06:38
Video thumbnail
සජිත්, නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..පිළිතුරේ පරස්පරයක් තියෙනවා - ඇයි වසර දෙකක ප්‍රමාදයක් ?
19:12
Video thumbnail
එකම රාත්‍රිය තුළ පූජා ස්ථාන දෙකකට හොරු පැනලා සුද්දයක් දීලා - නිල සුනඛයින් දමා පරීක්ෂා කරන අයුරු
01:42