ළමුන් දහසකට ජපන් රැකියා

ඉදිරි මාස කිහිපය තුළ පාසල් හැර ගිය ළමුන් දහසකට ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මෙරට ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී කට්සුකි කොටාරා ගෙන් ඉල්ලීමක් කළේය.

විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අද (26) උදෑසන හමුවූ අතර දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කරගැනීම පිළිබදව මෙන්ම ජපානයේ වැඩි රැකියා අවස්ථාවන් තරුණ තරුණියන්ට ලබාදීමට ඇති හැකියාව ගැන එහිදී අවධානය යොමු කර ඇත.ජපානයේ වැඩි රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් විවෘතව පවතින්නේ භාෂාව හදාරා ඇති තරුණ තරුණියන්ට පමණක් වන නිසා ඉදිරියේදී භාෂා ප්‍රවීනතාවයක් නොමැති තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාගැනීම සදහා අවස්ථාව ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා ජපාන ඉල්ලා සිටියේය.ජපානයට ගොස් භාෂාව හදාරා රැකියාවක යෙදීමේ අවස්ථාව, පාසල් හැර ගිය තරුණ තරුණියන් දහසකට ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළේය.

ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්වු ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරීවරයා පැවසුවේ වැඩි රැකියා අවස්ථාවන් ලංකාවට ලබාදීමට ජපානය සෑම විටම කටයුතු කරමින් සිටින බවය.

විශේෂයෙන්ම සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකිකයින් වෙත ලබාදීමට ජපානය වැඩි කැමැත්තකින් සිටින බවද, ජපානයේ වියපත් ජනගහනය ඉහළ යමින් තිබෙන නිසා මෙම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් වර්ධනය වන බවද ඔහු පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46