ළමුන් දහසකට ජපන් රැකියා

ඉදිරි මාස කිහිපය තුළ පාසල් හැර ගිය ළමුන් දහසකට ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මෙරට ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී කට්සුකි කොටාරා ගෙන් ඉල්ලීමක් කළේය.

විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අද (26) උදෑසන හමුවූ අතර දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කරගැනීම පිළිබදව මෙන්ම ජපානයේ වැඩි රැකියා අවස්ථාවන් තරුණ තරුණියන්ට ලබාදීමට ඇති හැකියාව ගැන එහිදී අවධානය යොමු කර ඇත.ජපානයේ වැඩි රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් විවෘතව පවතින්නේ භාෂාව හදාරා ඇති තරුණ තරුණියන්ට පමණක් වන නිසා ඉදිරියේදී භාෂා ප්‍රවීනතාවයක් නොමැති තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාගැනීම සදහා අවස්ථාව ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා ජපාන ඉල්ලා සිටියේය.ජපානයට ගොස් භාෂාව හදාරා රැකියාවක යෙදීමේ අවස්ථාව, පාසල් හැර ගිය තරුණ තරුණියන් දහසකට ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළේය.

ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්වු ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරීවරයා පැවසුවේ වැඩි රැකියා අවස්ථාවන් ලංකාවට ලබාදීමට ජපානය සෑම විටම කටයුතු කරමින් සිටින බවය.

විශේෂයෙන්ම සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකිකයින් වෙත ලබාදීමට ජපානය වැඩි කැමැත්තකින් සිටින බවද, ජපානයේ වියපත් ජනගහනය ඉහළ යමින් තිබෙන නිසා මෙම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් වර්ධනය වන බවද ඔහු පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නීතිය හිටපු ජනාධිපතිටත් එකයි, ගමේ ඉන්න සිරිපාලටත් එකයි
07:05
Video thumbnail
වාහන 10ක් එකිනෙක ගැටී අකුරණ දී බිහිසුණු අනතුරක් - කිහිපදෙනෙකුට ජීවිතය අහිමිවෙලා
01:50
Video thumbnail
විමල් වීරවංශ අද අධිකරණයට ආ හැටි
00:50
Video thumbnail
ආණ්ඩුව ආනන්තරීය පාපකර්ම සිදුකරනවා - හොඳටම බයවෙලා ඉන්නේ
07:48
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමනට ජනතාවගෙත් සහයෝගයක් නෑ
02:10
Video thumbnail
අග්බෝව සොයාගෙන යුද හමුදා කණ්ඩායමක් ගේමට බහී
00:43
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කට්ටියම පන්දම් උස්සගෙන පාරට බැස්ස හැටි
01:19
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:11:57
Video thumbnail
මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ගමනක් යන්නේ
02:02
Video thumbnail
කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
00:36