ළමුන්ට දඬුවම් කිරීමට අවස්ථාව නොදීම තුළ බරපතළ ලෙස විනය පිරිහීමේ අවදානමක් – මානව හිමිකම් කොමසාරිස්

ළමුන්ට දඬුවම් කිරීමට ගුරුවන්රුන්ට අවස්ථාව නොදීම තුළ ඇතැම් විට පාසල් පද්ධතිය තුළ බරපතළ ලෙස විනය පිරිහීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස්වරයා අද (07) මේ බව පැවසුවා.

පාසල් පද්ධතිය තුළ විනය සහ ශික්ෂණය පවත්වාගෙන යෑම වෙනුවෙන් සිදුකරනු ලබන හිංසනය සහ පහරදීම අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ම චක්‍රලේඛන ඔස්සේ තහනම් කර ඇති බව ද කොමසාරිස්වරයා සඳහන් කර සිටියා.

ළමයෙකුගේ වරදක් නිවැරදි කිරීමට දඬුවම ප්‍රධාතම සාධකය නොවන බවයි, ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම වරදකට දඬුවම් කිරීමෙන් ගුරුවරයෙකු තුළ අපරාධකාරයෙක් යන හැඟීම ඇතිවන්නේ නම් එය ද බරපතළ ගැටළුවක් බවත් කොමසාරිස්වරයා පවසනවා.

මේ අතර සියලුම දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම සිදුවිය යුතු බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
6
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?