ළමුන්ට දඬුවම් කිරීමට ගුරුවන්රුන්ට අවස්ථාව නොදීම තුළ ඇතැම් විට පාසල් පද්ධතිය තුළ බරපතළ ලෙස විනය පිරිහීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස්වරයා අද (07) මේ බව පැවසුවා.
පාසල් පද්ධතිය තුළ විනය සහ ශික්ෂණය පවත්වාගෙන යෑම වෙනුවෙන් සිදුකරනු ලබන හිංසනය සහ පහරදීම අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ම චක්‍රලේඛන ඔස්සේ තහනම් කර ඇති බව ද කොමසාරිස්වරයා සඳහන් කර සිටියා.
ළමයෙකුගේ වරදක් නිවැරදි කිරීමට දඬුවම ප්‍රධාතම සාධකය නොවන බවයි, ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
එමෙන්ම වරදකට දඬුවම් කිරීමෙන් ගුරුවරයෙකු තුළ අපරාධකාරයෙක් යන හැඟීම ඇතිවන්නේ නම් එය ද බරපතළ ගැටළුවක් බවත් කොමසාරිස්වරයා පවසනවා.
මේ අතර සියලුම දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම සිදුවිය යුතු බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.














Is your job protecting human rights or punishment rights?
මු පිස්සෙක් දඬුවම් කරලා ලමයි හදන්න බැ… මානසිකව වැටිලා තව අපරාධ කාරයන් අනාගතයට එකතු වෙන එක තමයි වෙන්නේ.