ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් රජය කැප වී සිටිනවා

ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් පූර්ණ වශයෙන් රජය කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අදට (01) යෙදී ඇති ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

ජනාධිපතිවරයා නිකුත් කළ සුබපැතුම් පණිවුඩය පහතින්,

“ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ. රටක ජනගහනයෙන් ළමා සහ වැඩිහිටි නියෝජනය සැලකිය යුතු ප්‍රමාණයකි. මෙම පරම්පරා දෙකෙහිම අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් පූර්ණ වශයෙන් අප රජය කැප වී සිටින අතර, දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ යහපැවැත්ම උදෙසා අඛණ්ඩව ක්‍රියා කරමින් සිටින්නෙමු.
රටක මෙන්ම ලෝකයේ අනාගතය දරා සිටින්නේ ළමා පරපුරය. ඔවුන්ගේ ලෝකය අව්‍යාජ සහ නොකිළිටි ලොවක් වන හෙයින් අතිශය සුන්දරය. ඒ සුන්දරත්වය භුක්ති විඳීමට ඔවුන්ට බාධාවකින් තොර වූ අවස්ථාවක් හිමි කර දීම ප්‍රජාවක් සතු වගකීමකි. අයිතීන් සමඟ යුතුකම් සහ වගකීම්ද නිර්මාණය වන බව අවබෝධ කර ගත් රජයක් ලෙස අපි සෑමවිටම ළමා අයිතිවාසිකම් සුර‍ක්ෂිත කිරීමට සහ තහවුරු කිරීමට කැප වී සිටිමු. එසේම, ළමයා යනු කවුරුන්ද යන්න වඩා ප්‍රායෝගික සහ පරිපූර්ණ ලෙස නිර්වචනය කරමින් ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනයට අවශ්‍ය මැදිහත් වීම අපි ඉටු කරමින් සිටිමු.
එහිදී සියලුම ළමුන්ගේ කායික-මානසික යහපැවැත්ම සහ සංවර්ධනය උදෙසා අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශය, මාර්ගෝපදේශනය, සමාජමය සුරක්ෂාව, දරුවන්ට එරෙහි අපයෝජන, වෙනස් කර සැලකීම් සහ සියලුම ආකාරයේ හිංසනවලින් ආරක්ෂා කිරීම මෙන්ම, නිසි පෝෂණය සැපයීම සහ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමට අප රජය බැඳී සිටියි. පාසල් අධ්‍යාපනය ලැබිය යුතු වයසේ කිසිදු දරුවෙකුට ජාතිය, ආර්ථික තත්ත්වය හෝ වෙනත් ඕනෑම සාධකයක් මත අධ්‍යාපනය අහිමි නොවිය යුතු බව අපි තරයේ විශ්වාස කරන්නෙමු. එහෙයින් මෙවර අයවැයෙන් ඔටිසම් ඇතුළු වර්ධන අක්‍රමිකතා සහිත දරුවන් සඳහා සෞඛ්‍ය, අධ්‍යාපන සහ අනෙකුත් සේවා පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව අපගේ අවධානය යොමු කළෙමු.
එවන් මොහොතක, “ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” තේමාව යටතේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මෙවර ලෝක ළමා දින සැමරුම පැවැත්වීමෙන් එම අරමුණු කරා යන මාවත වඩා එළිපෙහෙළි කරන බව අපි විශ්වාස කරන්නෙමු.
මෙම විශේෂ දිනයේදී, අපගේ දරුවන්ට ආදරය, සහයෝගය සහ ආරක්ෂාව ලබා දීමට අපි නැවත ප්‍රතිඥා දෙමු. ඔවුන්ගේ ප්‍රීතිමත් සිනහව අපගේ ජාතියේ බලාපොරොත්තුව සහ ශක්තියයි. එසේම, අපගේ වැඩිහිටියන්ට මෙරට ප්‍රගමණයට ලබා දුන් දායකත්වය වෙනුවෙන් අපගේ ගෞරවය සහ කෘතවේදීත්වය පිරිනමමු.
ළමුන්ට සහ වැඩිහිටියන්ට සුරක්ෂාව සහ ගෞරවය පිරුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපි සියලුදෙනා එක්වෙමු!”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කඩන්න බැරි පොහොට්ටුවේනේ අපි" හිමිනම කිව්ව කතාවට දිලිත්ගේ මූණ ඇඹුල් වෙයි
04:17
Video thumbnail
මුල්ලේරියාවේ ජල නළයක් පිපිරී ආ ජල කදට වාහනයකුත් ය#ට වෙයි.."අම්මටහුඩු වාහනේ ය#ට වෙලා බන්"
04:28
Video thumbnail
Kasthirama | "නව වසරේ දේශපාලනය හා ජනතාව" - කස්තිරම විශේෂ වැඩසටහන
01:37:21
Video thumbnail
"ලෑස්ති වෙයව් රට බේරගන්න මමත් එන්නම් උඹලා එක්ක.."160ම චු# වෙලා පලයව් -අපි ඒක කරනවා
08:31
Video thumbnail
"නව මොඩියුලර් ක්‍රමය, අගමැතිව අමාරුවේ දාන්න පැලවත්තෙන් කරපු කුමන්ත්‍රණයක්..?"
01:27
Video thumbnail
මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි.."පච කියන්න එපා..වැඩ බැරි ටාසන්ලා ඉන්නේමෙයාලා බෝධිසත්වයෝනේ"
11:18
Video thumbnail
මිහින්තලේ හිමිව බැහැදකින්න ගිය නාමල්.."රටේ දරුවන්ව විනාශ කරන්න ආපු මෙවුන් ඔක්කොම එලවන්න ඕනේ.."
06:02
Video thumbnail
පෙළපොත් හරහා ආණ්ඩුව විශාල මූල්‍ය වංචාවක් කරලා..අතපසුවීමක් නෙවෙයි - සැලසුම් සහගත වැඩක්
05:53
Video thumbnail
"දැන් සැලුන් දොර නෑ..වහලා තියෙන්නේ" දැන් මේ 77වෙනි අවුරුද්දේ සාඵය නැති කරන්න වෙලා
09:48
Video thumbnail
අක්ෂු ප්‍රනාන්දුගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදු වූ අයුරු.."අනේ මගේ මැණික..අනේ දෙයියනේ"
05:22


?