ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසු දරුවෙකු මිය යාමේ සිද්ධිය ගැන පොලිසියට නියෝගයක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී වකුගඩු සැත්කමක් සිදුකිරීමෙන් අනතුරුව තුන් හැවිරිදි දරුවකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නැවතත් බොරැල්ල පොලීසියට නියම කළා.

අදාළ පැමිණිල්ල අද (22) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී පොලීසිය විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාවරිය මෙම නියෝගය කළේ.

මෙහිදී බොරැල්ල පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ දරුවා සැත්කමට භාජනය කරන අවස්ථාවේ දී ඔහුගේ වකුගඩු පැවැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා.

ඒ, අනුව මෙම පරීක්ෂණයේ දී නම් සඳහන් වූ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් වන මහාචාර්ය රන්දුල රණවක සහ මලික් සමරසිංහ යන වෛද්‍යවරුන්ගේ ප්‍රකාශ සටහන් කිරීමට පියවර ගන්නා බවත් පොලිසිය සඳහන් කළා.

ඒ, අනුව අදාළ වෛද්‍යවරුන්ගේ ප්‍රකාශ අප්‍රමාදව සටහන් කරගෙන විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස පොලීසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය මෙය මරණ පරීක්ෂණයක් බැවින් එය ප්‍රමාද කිරීමට හැකියාවක් නොමැති බවත් අවධාරණය කර සිටියා.

එහිදී පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම පරීක්ෂණයේ දී නම් සඳහන් වූ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහට සාක්ෂි දීම සඳහා ලබන 31 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමටත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?