හොර පාස්පෝට්වලින් රට පනින්න හැදූ ලාංකිකයින් දෙදෙනකු අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ඉන්දීය ගමන් බලපත්‍ර භාවිතා කරමින් අබුඩාබි නුවර ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකු ඊයේ (25) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ ( Imigration and Emigration Boarder Surveillance Unit ) නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් යාපනය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සහ 28 හැවිරිදි වියේ පසුවන ද්‍රවිඩ ජාතික තරුණයන් දෙදෙනෙක්.

සැකකරුවන් ඊයේ රාත්‍රී 09.45 ට අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 397 දරන ගුවන් යානය වෙත පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එසේ පැමිණි ඔවුන් ගුවන් මගීන් රැඳී සිටින අංගනයේ රැදී සිටියදී, ඔවුන්ගේ අස්වාභාවික හැසිරීම් රටාව නිරීක්ෂණය කළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ඔවුන් කැදවා ප්‍රශ්න කරමින්, ඔවුන්ගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී ඒ තුළ වූ කූඨ ලෙස සකස් කළ ඉන්දීය ගමන් බලපත්‍ර දෙක සහ ව්‍යාජ ඉතාලි වීසා බලපත්‍ර දෙකක් ද සොයා ගෙන තිබෙනවා.

මෙසේ සොයා ගත් ලියකියවිලි සියල්ල දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් තාක්ෂණික පරීක්ෂා කිරීම්වලට ලක් කිරීමෙන් පසු, ඒවා කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ඒවා බවට අනාවරණය වී තිබෙනවා.

ඉන්පසුව මොවුන් දෙදෙනා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
3
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22