හොර පාරෙන් රැගෙන ආ බඩුත් සමග 05ක් පොලිස් දැලේ

රුපියල් එක් කෝටි පනස් අට ලක්ෂ විසි දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි, විස්කි සහ චන්ද්‍රිකා රූපවාහිනී සම්ප්‍රේෂණ උපකරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම භාණ්ඩ තොගය චීන ජාතිකයන් දෙදෙනෙකු, ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සහ ඉන්දීය ජාතිකයෙකු විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඇවිත් තිබූ බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ජේ.එම්.එෆ්.ඉෆත් සහ ධනුෂ්ක පෙරේරා යන මහත්වරුන් විසින් සිදු කර තිබෙනවා.

එමෙන්ම ඔවුන් මෙලෙස නීතිවිරෝධී ලෙස රැගෙන ආ භාණ්ඩ සියල්ල රාජසන්තක කර තිබෙනවා.

මෙම ගුවන් මගීන් සඳහා රුපියල් ලක්ෂ 03ක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර ඇති බවයි අප වාර්තා කරු සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන නැති නිසා ගාල්ලේ ෂෙඩ් ටික පාළුවට ගිහින්
01:04
Video thumbnail
බස්වල යන්න මිනිස්සු දිගු පෝලිම්වල
01:40
Video thumbnail
තෙල් පෝලිම් ටික අතුරුදන් වෙයි - වැල්ලවාය ෂෙඩ්වල නවතම තත්ත්වය
01:02
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30