AFC Banner
Empty Ad
Empty Ad

හොරෙන් මෙරටට ගෙනා විදෙස් දුම්වැටි තොගයක් අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබුවා.

අප ගුවන් තොටුපොළ මාධ්‍ය වාර්තාකරු පැවසුවේ; මෙම විදේශීය දුම්වැටි තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් තිස් දෙලක්ෂ හතලිස් දහසක් පමණ වන බවයි.

අදාළ වැටලීම අද (05) උදෑසන සිදු කර ඇත්තේ සැකකරු අබුඩාබි සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි අවස්ථාවේ දීයි.

මොහු වාරියපොළ, කටුපොත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි හෙළි ව ඇත්තේ.

ඔහු ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිමා කර, ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට ඇති වු සැකය මත, ඔහු නවතා සිදු කළ විමර්ශනවල දී “මැන්චෙස්ටර්” වර්ගයේ දුම්වැටි 21,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 108ක් සොයා ගැනුණා.

මේ වනවිට මෙම පුද්ගලයා පොලිස් ඇප මත මුදාහැරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පියවර ගෙන ඇති අතර , ඔහු නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට ආනයනය කිරීම, ජාවාරම් කිරීම සහ සන්තකයෙහි තබා ගැනීම යන චෝදනා යටතේ, ඔහු විසින් රැගෙන ආ දුම්වැටි තොගයත් සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?