AFC Banner
Empty Ad
Empty Ad

හොරෙන් පැවැත්වූ පුද්ගලික පන්තියේ සිටි 31කට කොවිඩ් වැළඳිලා

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කටුගස්තොට රණවන පාරේ පවත්වාගෙන ගිය පෞද්ගලික අධ්‍යාපන ආයතනය තුළ නිරෝධායන කළ 58 දෙනෙකුගෙන් 31 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හෙළි වී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් අධ්‍යාපන කඳවුරක් පවත්වාගෙන යන බවට පොලීසියට ලද තොරතුරකට අනුව කටුගස්තොට පොලිසිය මගින් එම ස්ථානය වටලනු ලැබුවා.

සාමාන්‍ය පෙළ විභාගයට සහභාගී වන සිසුන් සඳහා නේවාසික පුහුණු කඳවුරක් මෙම ස්ථානයේ පවත්වමින් සිටියදී මෙම වැටලීම සිදුකර සිසුන් සහ ගුරුවරුන් එම ස්ථානයේම නිරෝධායන ලක් කිරීමට පියවර ගෙන තිබුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?