Empty Ad
AFC Banner
Empty Ad

හොරාට කාලය දුන් උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්

මරදාන ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට හොරෙකු ඇතුල් වී ඇති බවට පොලිසියට කළ දැනුම් දීමකට අනුව , එම ස්ථානයට යාමට පැයකට පමණ කාලයක් ගෙන සැකකරුට පලායාමට ඉඩ සැලැස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු වැඩ තහනමට ලක්කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ මරදාන පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි උපපොලිස් පරීක්ෂකවරයෙක්.

පසුගිය 10 දින රාත්‍රියේ අදාළ ව්‍යාපාරික ස්ථානයට සොරකු ඇතුළු වී ඇති බවට එම ආයතනය මරදාන පොලිසියට දැනුම් දී තිබෙනවා.

පොලිසිය කළ දැනුම්දීම අනුව එදින රාත්‍රී ජංගම සංචාරයේ යොදවා සිටි පොලිස් නිලධාරියා පොලිස් ස්ථානයේ සිට මීටර් 700ක් පමණ දුරින් පිහිටි අදාළ ව්‍යාපාරික ස්ථානයට පැයක පමණ කාලයකින් පසු ළඟාවන අවස්ථාවේ දී සොරා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවකුට පලායාමට ඉඩ සැලැස්වීම, සේවය අප කීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම ඇතුළු කරුණු කීපයක් මුල්කරගෙන කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මෙම වැඩ තහනම සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?