හොරණ වෙඩි තැබීමට හේතුව හෙළිවෙයි (වීඩියෝ)

ඊයේ (02) රාත්‍රී කාලයේ හොරණ පොලිස් වසමේ මීවනපලාන ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගියා.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ වයස අවුරුදු 45ක මීවනපලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත්, වෙඩි තැබීම සඳහා බෝර 12 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවටත් දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

වෙඩි තැබීම සිදුකළ සැකකරු වයස අවුරුදු 45ක් වන මීවනපලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි හදුනාගෙන ඇත්තේ.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මේ අතර ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘත ශරීරය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?