හොංකොං හි දරුණු ගුවන් අනතුරක් – යානය මුහුදට වැටෙයි (වීඩියෝ)

භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් අසල තිබූ වාහනයක ද ගැටී මුහුදට වැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

තුර්කි භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් වන Air ACT හි බෝයිං 747-481 ගුවන් යානයක් වන EK9788 එමිරේට්ස් ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගුවන් යානය ලිස්සා යන අවස්ථාවේ දී ගැටුණු වාහනයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් මෙම අනතුරින් මියගොස් තිබෙනවා.

අනතුරින් ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින්ට හානියක් සිදුව නොමැති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් බලපෑමට ලක් වූ ධාවන පථය වසා දමා ඇති අතර, ගුවන්තොටුපළේ අනෙකුත් ධාවන පථ දෙක තවමත් ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?