හොංකොං හි දරුණු ගුවන් අනතුරක් – යානය මුහුදට වැටෙයි (වීඩියෝ)

භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් අසල තිබූ වාහනයක ද ගැටී මුහුදට වැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

තුර්කි භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් වන Air ACT හි බෝයිං 747-481 ගුවන් යානයක් වන EK9788 එමිරේට්ස් ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගුවන් යානය ලිස්සා යන අවස්ථාවේ දී ගැටුණු වාහනයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් මෙම අනතුරින් මියගොස් තිබෙනවා.

අනතුරින් ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින්ට හානියක් සිදුව නොමැති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් බලපෑමට ලක් වූ ධාවන පථය වසා දමා ඇති අතර, ගුවන්තොටුපළේ අනෙකුත් ධාවන පථ දෙක තවමත් ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා සදහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57