AFC Banner
Empty Ad
Empty Ad

හේතුවක් හෙළි නොවූ විනාශය (වීඩියෝ)

යාපනය කුප්පවේල් ප්‍රදේශයේ ගබඩා කර තිබු බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 20ක් නරක්වී භාවිතයට ගත නොහැකි තත්වයකට පත්ව තිබෙනවා.

විනාශයට පත්ව ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය විසින් ගෙන්වූ බීජ අල තොගයක්.

පෞද්ගලික සමාගමක් හරහ රුපියල් මිලියන 10ක් වැය කර බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 20ක් ආනයනය කර තිබුණේ ඔස්ට්‍රේලියාවේ සිටයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය විසින් මෙරටට ගෙන්වූ මෙම බීජ අර්තාපල් යාපනයේ අර්තාපල් ගොවීන්ට නොමිලයේ බෙදා දීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් අද වන විට මෙම බීජ අර්තාපල් තොගය නරක් වී ප්‍රයෝජනයට ගත නොහැකි තත්වයට පත්ව තිබෙනවා.

පසුගිය දිනවල ප්‍රදේශයට බලපෑ වර්ෂාධීක කාළගුණික තත්වයත් සමග වැසි ජලය කාන්දු වීමෙන් මෙම බීජ අර්තාපල් නරක් වන්නට ඇති බවට සැක කරනවා.

ඇතිවී ඇති තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා කෘෂිකර්ම නිළධාරීන් ඊයේ කුප්පවේල් ප්‍රදේශයට පැමිණ සිටි අතර වැඩිදුර පර්යේෂණ සදහා එහි සාම්පල ද ලබා ගැණුනා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද අගුණකොළපැලැස්ස ප්‍රදේශයේදී අදහස් පල කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?