spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙරෝයින් මත්කුඩු, ජාවාරම් මුදල් , ජංගම දුරකථන සහ යතුරුපැදියක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමින් යුත් හෙරෝයින් මත්කුඩු , ජාවාරම් මුදල් රුපියල් හාරලක්ෂ අනූ දෙදහසක් ජංගම දුරකථනයක් සහ යතුරුපැදියක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මග්ගොන , පැලවත්ත ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයකුයි.

සැකකරු කොළඹ දෙස සිට කළුතර දෙසට මත්කුඩු රැගෙන ගමන් කරන බවට ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත කළුතර උතුර ප්‍රදේශයේ දී ස්කූටි වර්ගයේ යතුරුපැදිය නවතා පරීක්ෂා කිරීමේදි සගවා තිබූ හෙරෝයින් මත්කුඩු ග්රැම් 10 යි මිලිග්රැම් 30 ක් සහ ජාවාරම් මුදල් හාරලක්ෂ අනූ දෙදහසක් සොයාගෙන ජාවාරම සදහා යොදාගත් ජංගම දුරකථන සහ යතුරුපැදිය භාරයට ගෙන තිබෙනවා.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවයි.

කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?