ජාතික තරුණ සේවා සභාවෙන් රට පුරා “ස්මාර්ට් යූත්” අවුරුදු උත්සව 340ක් (ඡායාරූප)

ස්මාර්ට් විදිහට හිතන ස්මාර්ට් අවුරුද්දක් සමරන “ස්මාර්ට් යූත්” එක පසුගිය 27 වනදා දවසේ එකම වෙලාවක ලංකාව පුරා සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි අවුරුදු උත්සව 340ක් පැවැත් වුණා.

මෙම අවුරුදු උත්සව පැවැත්වුණේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිදු ගුණරත්නගේ සංකල්පයකට අනුවයි.

ඒ්, අනුව අති සාර්ථක අන්දමින් පැවැත්වූ මෙම අවුරුදු උත්සව 340 සඳහා අති විශාල ජනකායක් සහභාගී වී සිටියා.

මේ අතර රට පුරා සිටින තරුණ තරුණියන් අති විශාල ප්‍රමාණයක් සහභාගී කර ගනිමින් එහි අවසන් අග්‍රපළුය නෙලන “ස්මාර්ට් යූත්” අවුරුදු උත්සවය පසුගිය අප්‍රේල් මස 28 වනදා අති සාර්ථක ලෙස 20,000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත් වුණේ මහරගම පිහිටි තරුණ සේවා සභා ක්‍රීඩාංගනයේ දීයි.

එහිදී වාසනා මුට්ටිය බිදීම, ගම හරහා දිවීම, කොට්ටාපොර, චක්ගුඩු තරඟ, සූප්පුවෙන් වෙනිවැල් බීම, ඉටිපන්දම් පත්තු කිරීම, අං ඇදීම, පොර පොල් ගැසීම, ජාතික යෞවන් අවුරුදු කුමර කුමරි ඇතුළු තරඟ රැසක් මෙහි සංවිධානය කර තිබුණේ ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග ද සමගින් වීම විශේෂත්වයක්.

මෙවර “ස්මාර්ට් යූත්” 2024 යෞවුන් අවුරුදු කුමරිය ලෙස කුරුළුපලදින්නට නිමන්ති එදිරිසිංහත්, 2024 ජාතික යෞවුන් අවුරුදු කුමරා ලෙස ඩිලාන් මියුරංගත් කිරුළු පැළඳුවා.

ඒ්, සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩා හා යෞවන කටයුතු සංචාරක හා ඉඩකඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර, ජාතික යෞවන සේනාංකයේ සභාපති චතුරංග, ජාතික කරුණ සේවා සභා සාමාජිකයින්, සභා අධ්‍යක්ෂවරුන් හා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් ඇතුළු නිලධාරී පිරිසක් එක්ව සිටියා.

මීට සමගාමීව ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් පිරිවරාගනිමින් තරුණයින්ගේ විනෝදාස්වාදය ඉහළ නැංවීමට අති දැවැන්ත වේදිකාවක ස්මාර්ට් යූත් නයිට් නමින් සංගීත ප්‍රසංගයක් ද අති සාර්ථක අන්දමින් පැවැත්වුනා.

ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන පසිදු ගුණරත්නගේ සංකල්පයන් තාරණ්‍යයට සැබෑ වෙනසක් ඇති වී ඇති බව මෙහි සිටි බොහෝ දෙනාගේ අදහස වුණා.

එමෙන්ම ලංකාව පුරා පැවැත් වූ මෙම අවුරුදු උත්සව 340 සාර්ථක සංවිධානය කිරීමට තරුණ සේවා සභාවේ සියලූම නිලධාරීන් හා කාර්ය මණ්ඩලය මේ වෙනුවෙන් ඇප කැප වුන බවයි සභාපති පසිදු ගුණරත්න සඳහන් කළේ.

ඔබත් තාරුණ්‍යයට ගැළපෙන පරිදි ඩිජිටල් කරනයට ලක් වූ “ස්මාර්ට් යූත්” ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සභාවේ Smart Youth Club එක සමඟ එක්වීමට කැමතිනම් පහත Link එක මඟින් පිවිසෙන්න. https://forms.office.com/r/e30yG9EwkK



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14