spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අකුණු සැර වැදී අයියා – නංගී ජීවිතක්ෂයට

රත්තොට, දන්කන්ද, වැල්ගාලායාය ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් එකම පවුලේ සහෝදරයෙකු සහ සහෝදරියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (29) පස්වරුවේ එම ප්‍රදේශයට ඇදහැලුණු ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් මෙම මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වූ බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැල්ගාලායාය, රත්තොට ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දැරියක් සහ 23 හැවිරිදි තරුණයෙකුයි.

ඔවුන් එකම පවුලේ සහෝදරයන් බවයි පොලිසිය පැවසුවේ.

මළ සිරුරු රත්තොට රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රත්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?