කුරුණෑගල – පුත්තලම මාර්ගයේ පාදෙණියේ මාරක අනතුරක් – කතක් මරුට

කුරුණෑගල – පුත්තලම ප්‍රධාන මාර්ගයේ වාරියපොළ, පාදෙණිය ප්‍රදේශයේ දී අද (30) අලුයම සිදු වූ අනතුරකින් වයස අවුරුදු 80ක පමණ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගම්පොළ ප්‍රදේශයේ සිට පුත්තලම තබ්බෝව ප්‍රදේශය බලා ගමන් කුඩා ප්‍රමාණයේ වෑන් රථයක් එහි රියදුරුට නින්දයාම හේතුවෙන් අසළ තිබූ බෝක්කුවක ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී එහි හය දෙනෙකු ගමන්කරමින් සිට ඇති අතර, ඒ අතර සති 02ක් වයසැති බිළිඳෙක් ද සිට තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ මෘත ශරීරය වාරියපොළ රෝහලේ මේ වනවිට තැම්පත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූවන් නිකවැරටිය සහ කුරුණෑගල රොහල්වලට ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50