AFC Banner
AFC Banner
Empty Ad

හෙරොයින් සමග කතුන් දෙදෙනකු අත්අඩංගුවට

දීර්ඝ කාලයක සිට හෙරොයින් ජාවාරමේ නිරත වූ කාන්තාවන් දෙදෙනකු යාපනය ප්‍රදේශයේ විශේෂ කාර්යය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි ඊයේ (02) පස්වරුවේ දී මෙම සැකකාරිනියන් ව
යාපනය – අරාළි විදිය 5 වැනි හරස්පාර ඔට්ටමඩමි හි දී සහ කෝපායි – නල්ලුර් යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගැනුණේ.

සැකකාරිනියන් ව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 760ක් (මුළු ප්‍රමාණය) පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මොවුන් වයස අවුරුදු 32 ක සහ 55 අතරේ පසුවන්නන්.

සැකකාරිනියන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය සහ කෝපායි පොලිස් ස්ථාන වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?