AFC Banner
AFC Banner
Empty Ad

හෙරොයින් නඩුවේ විත්තිකරුවන් නිදහස් කිරීමට එරෙහිව අභියාචනයක්

උතුරු මුහුදු තීරයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 196ක් ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා එල්ල වී සිටි විත්තිකරුවන් 5 දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

එම අභියාචනය ඉදිරි දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට නියමිතයි.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරනු ලැබුවා.

එම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන බැවින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමටයි නියෝග කළේ.

එම තීරණයට එරෙහිව නීතිපතිවරයා මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?