හෙරොයින් එක්ක හිමිනමක් අල්ලයි – කොල්ලකෑම්වලටත් සම්බන්ධ වෙලා

හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි හිමිනමක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙක් මැල්සිරිපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල – කරදගොල්ල ප්‍රදේශයේ විහාරස්ථානයෙක දී ඊයේ (11) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

වයස අවුරුදු 27ක් වන සැකකාර හිමිනම සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2300ක් මෙහිදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

හිමිනම සමඟ වෙලගෙදර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක් සහ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4800ක් ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර සැකකාර හිමිනම භාවිත කළ බව කියන සුඛෝපභෝගී කාර් රථයක්ද පොලිස්භාරයට ගෙන තිබෙනවා.

පසුගිය කාලය තුළ මැල්සිපුර සහ අවට සිදුවී ඇති කොල්ලකෑම් සහ මුදල් වංචාවන් කීපයකට සැකකාර හිමිනම සහ අනෙක් සැකකරුවන් දෙදෙනා සම්බන්ධ බවට ද මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
3
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන්දි මුදල් සොයා බැලීමට ගිය ගොවියෝ - නිලධාරීන් අතර උණුසුම් තත්වයක්..සත පහක්වත් නෑ..බොරු කියන්න එපා
13:11
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආ ජනපතිව වැළඳගෙන දුව සංවේදී වෙයි
01:42
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
00:53
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
01:18
Video thumbnail
පොළොන්නරුවේ ටී.බී.සරත් විසින් ඇලහැර අමුණ විවෘත කරන හැටි..මිනිස්සු වටවෙලා බලන් ඉන්නේ
01:58
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
02:18
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
01:21
Video thumbnail
රටේ අප්සට් එක ගැන කතා කරන මාධ්‍යයත් අප්සට්..ලාල්කාන්ත ලෙසටම කිව්ව දේ
17:01
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:05


?