වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්බොක්ක – හෙනවල ඉහළ කඳු රක්ෂිතයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
දසත වාර්තාකරු පැවසුවේ මෙම ගින්න ඊයේ (26) රාත්‍රිය පුරා ම කඳු රක්ෂිතයේ පැතිර ගොස් ඇති බවයි.
මේ හේතුවෙන් රක්ෂිතයේ අක්කර 10කට වඩා ප්‍රමාණයක් ගිනිගෙන සම්පූර්ණයෙන් ම විනාශ වී තිබෙනවා.
ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය ගින්නට හේතුව බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මේ වනවිට ගින්න සම්පූර්ණයෙන් ම පාලනය වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





