AFC Banner
Empty Ad
Empty Ad

හෙද කාර්ය මණ්ඩල දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් දිවයිනේ සියලු රෝහල්වල හෙද කාර්ය මණ්ඩල මෙම සතිය තුළදී යළිත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

2015 වසරේදී හෙද සේවාවට ලබා දීමට පොරොන්දු වී ඇති රුපියල් පහළොස් දහසක අනතුරු දීමනාවෙන් එකඟ වූ රුපියල් 5000ක මුදල කඩිනමින් ලබා දීම, හෙද නිලධාරීන්ගේ සහ සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පවුලේ සාමාජිකයන්ට කොවිඩ් එන්නත ලබා දීම එම ඉල්ලීම් අතර වේ.

මේ ආකාරයේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය මැයි 31 වැනිදා තෝරා ගත් රෝහල් ගණනාවක හෙද කාර්ය මණ්ඩල එක්දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත විණි.

අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් සමග පසුගිය පළමු වැනිදා පැවැති සාකච්ඡාවේදී දින 14ක් ඇතුළත ගැටලු සඳහා විසඳුම් ලබාදෙන ලෙසට පොරොන්දු වී ඇත.

එහෙත් මෙතෙක් ඒ සඳහා විසඳුම් නොලැබුණු බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?