හෙට (02) දුම්රිය ධාවනය ගැන අනතුරු ඇඟවීමක්

හෙට (02) දිනයේදී දුම්රිය 60කට වැඩි සංඛ්‍යාවක් අවලංගු විය හැකි බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

පසුගිය දෙසැම්බර් 31 වනදා සිට දුම්රිය සේවයේ 500කට ආසන්න සේවකයින් විශ්‍රාම ගැනීම මෙම ගැටලුවට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ ඊයේ දිනයේ පමණක් දුම්රිය ගමන් වාර 44ක් අවලංගු කිරීමට සිදුවූ බවයි.

අද දිනයේ ගමන් වාර 7ක් අවලංගු කර ඇති අතර හෙට මෙම සංඛ්‍යාව 60 ත් 70 ත් අතර විය හැකියි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

හෙට දිනයේ මගීන් දුම්රිය ස්ථාන වෙත පැමිණ දුම්රිය ධාවනය කරන ලෙස ඉල්ලා සිටීම නිසා ගැටුම් ඇති විය හැකි බව ද ඔහු අනතුරු අඟවනවා.

දුම්රිය නොමැතිවීම හේතුවෙන් වසරේ පළමු දිනයේ රාජකාරි වෙනුවෙන් සේවා ස්ථාන වෙත යන මගීන්ට දැඩි ලෙස බලපෑම් එල්ල වන බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

විශ්‍රාමික සේවකයන්ගේ සේවය අවශ්‍ය පරිදි කොන්ත්‍රාත් පදනම මත ලබා ගැනීමට ප්‍රතිපාදන මෙතෙක් සිදු කර නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය මඟහරවා ගැනීමට නව ස්ථානාධිපතිවරුන් බඳවා ගත්ත ද ඔවුන්ගේ තනතුරු ස්ථිර නොකිරීම හේතුවෙන් නුදුරු අනාගතයේ දී මාතර සහ බෙලිඅත්ත අතර දුම්රිය ස්ථාන වසා දැමීමට සිදු විය හැකි බව ද සුමේධ සෝමරත්න ප්‍රකාශ කරනවා.

ඉදිරි සතිය තුළ ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ආරම්භ කරන බව ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40